fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 08:41

පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු වාරය අනිද්දායින් අවසන් වනවා. දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ අප්‍රේල් 22 වනදායි.

පළමු පාසල් වාරය සිකුරාදායින් අවසන් වන අතර මුස්ලිම් පාසල් සදහා පළමු පාසල් වාරය අවසන් වන්නේ ලබන 11 වනදායි. එම පාසල් යළි ලබන 17 වනදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන  පාසල් වාරය ආරම්භ වීමට පෙර දීපව්‍යාප්ත පාසල් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඩෙංගු මර්දන ශ්‍රමදාන  පවත්වා පාසල් පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාප බවට පත් කිරිමට විදුහල්පතිවරුන් කටයුතු කරනු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්