ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 ක සිර දඩුවමක් නියම කළා. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතායි නියෝගය නිකුත් කළේ.
රුපියල් ලක්ෂ 40 ක දඩයක් සහ ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130 ක වන්දියක් ගෙවන ලෙසට ද ඔහුට නියම කර තිබෙනවා. 2005 වසරේදී ව්‍යාජ අත්සනක් යොදාගනිමින් චෙක්පත් 57 කින් රුපියල් 120 කට අධික මුදලක් වංචා කිරිමයි ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාව.