Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායක මන්ත්‍රීවරුන්ට තරවටු කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 12:09

කතානායක මන්ත්‍රීවරුන්ට තරවටු කරයි

ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකරමින් කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතාමත් කණගාටුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ඊයේ (01) පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයකු හා මන්ත්‍රීවරයකු අතර ඇති වූ වචන හුවමාරුව පිළිබඳව කරුණු දක්වමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුවේ අභිමානය හා ගෞරවය කෙළෙසෙන අන්දමින් වාද විවාදවලදී භාවිතා කළ යුතු වචන මින් ඉදිරියට කිසිම ආකාරයකින් ගරු සභාව තුළ භාවිතා නොකරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට අවධාරණයෙන් දැනුම් දෙන බවද කතානායකවරයා පැවසී ය.

එමෙන් ම වාදවිවාද වලදී තම විරෝධතාවය ප්‍රකාශ කිරීමේ දී මීට වඩා සංවරව ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට කිසිදු ආකාරයකින් හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ද කතානයකවරයා මන්ත්‍රීවරුන් වෙත දන්වා සිටියේ ය.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 12:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්