fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍යත්වය අහෝසි කිරීම ගැන ජනපති යළි පහදයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 10:27

ශිෂ්‍යත්වය අහෝසි කිරීම ගැන ජනපති යළි පහදයි

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොද අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් මහත් හරසරින් පිළිගත්තා. හොදම දේ දරුවන්ටයි සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකළ රංගශාලාව සහ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ජනාධිපතිතුමා අතින්.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් රුක්රෝපණයක් සිදු කළා. අනතුරුව සමරු ඵලකය නිවාරණය කර රංග ශාලාව සහිත ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් පසු ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. විද්‍යාලයේ විශිෂ්ටතා දැක් වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කෙරුණේද ජනාධිපතිතුමා අතින්.

සිසුවියක සිතුවමට නගන ලද ජනාධිපතිතුමාගේ රුව සහිත ආලේක්‍ය චිත්‍රයක් එහිදී ජනාධිපතිතුමා වෙත තිලිණ කළා. රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට හත ශ්‍රේණියේදී හෝ අට ශ්‍රේණියේදී විභාගයක් පවත්වා එම විභාග ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව එක් එක් විෂය ක්ෂේත්‍රයන් සදහා දරුවන් යොමු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. එය අධ්‍යාපන විශේෂඥයන්ගේ මගපෙන්විමෙන් සකස් කරන බවද ජනාධිපතිතුමා සදහන් කළා. ජනාධිපතිතුමා තවදුරටත් පෙන්වා දුන්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණිතඥයන්, කෘෂි විශේෂඥයන්, තාක්ෂණ විශේෂඥයන් ආදී ක්ෂේත්‍ර දක්වා දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව උදා වන බවයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්