දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වසර 20 ක් පිරීම වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයකදී ඇති වූ ගැටුමකින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සංගීත රාත්‍රිය අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුවලින් තුවාල ලැබූ මෙම පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලබා පැමිණි සියලු දෙනා අධික බීමතින් සිටි බවයි රෝහල් සේවකයන් පවසා ඇත්තේ.
තුවාලකරුවන් රෝහලේ තැනින් තැන බිම වැතිරී සිටින අයුරු දැකගත හැකි වුණා. සංවත්සර උත්සවය පැවති භූමියේද අද අලුයම වන විටත් පිරිස වැටී සිටින අයුරු දැකගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.දඹුල්ල පොලිසිය පවසන්නේ සංගීත සංදර්ශනය නරඹා නිවෙස්වලට යන පිරිස් මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ කෑ කෝ ගසමින් බීමතින් ගමන් කිරීම නිසා එකිනෙකා අතර ගැටුම් ඇති වූ බවයි.
මේ අතර සිදු වූ රි අනතුරකින්ද එක් අයෙකු මියගොස් තිබෙනවා. හිස්වැසුම් නොමැතිව බිමතින් යතුරු පැදියක් ධාවනය කර එය ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.