මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769 ක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණය යටතේයි.
කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී කොකේන් තොගය විනාශ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූයේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මත්ද්‍රව්‍ය විනාශය සිදුකෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොකේන් විනාශ කිරීම පූර්ණ අධික්ෂණයට ලක් කළා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය , අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට සම්බන්ධ වුණා. කොකේන් විනාශ කිරීම සජීව ලෙස දැකබලා ගැනීමට මහජනතාවට ද අවස්ථාව උදා වුණා. මත්කුඩු , රසායන ද්‍රව්‍ය අඩංගු ටැංකිවල දමා දියකර පොලිස් ආරක්ෂාව සහිතව පුත්තලම සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධි තාප උදුන්වල දමා වාෂ්ප කිරීම සිදුකෙරෙනවා.
2016 වසරේදී ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 301 ක් කැලණිය පෙතියාගොඩදී සොයාගත් කිලෝග්‍රෑම් 31 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී සොයා ගත් කිලෝග්‍රෑම් 219 ක් සහ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 216 කුයි මෙලෙස විනාශයට පත් කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FDNcKKv7Fm4&feature=youtu.be&fbclid=IwAR2JlR6d5p2IfYQKrv91W7y3cYEEEpYKkXAtLt8dYVSxXgpjd3YDhXhNg7w”]
මේ අතර මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබාදීම අනිද්දා සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ,පෞද්ගලික ආයතන හා පාසල් ඇතුළු රටේ සමස්ථ ජනතාවගේ දායකත්වයෙන් බක්මහ දිවුරුම නමින් මතින් වැලකීමේ ප්‍රතිඥාව ලබා දීමට ජනාධිපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. අනිද්දා පෙරවරු 08.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්රයේදීයී මෙම කටයුතු සිදු වන්නේ.