fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෑගලු රන් කුසලාන ක්‍රිකට් තරගයේ ජය ශාන්ත මරියා විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 13:02

කෑගලු රන් කුසලාන ක්‍රිකට් තරගයේ ජය ශාන්ත මරියා විද්‍යාලයට

කෑගල්ල මහා විද්‍යාලය සමග  පැවති කෑගලු රන් කුසලාන වාර්ෂික සුහද එක්දින ක්‍රිකට් තරගය ලකුණු 109කින් ජයග්‍රහනය කිරිමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයීය කණ්ඩායම සමත් වුණා.

කෑගලු රන් කුසලාන ක්‍රිකට් තරගය මෙවර පැවැත්වුනේ  18 වන වරටයි. කෑගල්ල මහජන ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේදී සියලු දෙනා දැවි ලකුණු 282 ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි කෑගල්ල මහා විද්‍යාලයීය කන්ඩායමට පන්දුවාර තිස්හයක් අවසානයේදී සියලු දෙනා දැවි ලබා ගත හැකිවුණේ ලකුණු 173ක් පමණයි. ජය සංකේත හා සහතිකපත් ප්‍රදානය  සිදු කෙරුණේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදිසිසුන් වන  අයිටිඑන් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්  අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ශානුක කරුණාරත්න,  නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා අලහකෝන් හා ක්‍රිකට් ක්‍රිඩක තරංග පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 13:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්