ආසියානු ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම අද සිංගප්පුරුව බලා පිටත්ව ගියා.
රටවල් හයක සහභාගිත්වයෙන් තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කෝලිත හපුආරච්චි. එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉන්දියාව, සිංගප්පුරුව, මැලේසියාව සහ නවසිලන්තය තරගාවලියට එක්වන අනෙකුත් රටවල් වනවා. ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසේල පතිරණ මහතා කටයුතු කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8L3q2i-Qkcs”]
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ අශෝක විද්‍යාලය අතර පැවති රන් කුසලාන එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරිමට කොළඹ අශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ආර් ප්‍රේමදාස ක්‍රිඩාපිටියේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 85ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ කොළඹ අශෝක විද්‍යාලයීය කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවි ජයග්‍රාහී සීමාව පසුකිරීමට සමත්වුණා.