fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමට ලකුණු අටක තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 08:23

චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමට ලකුණු අටක තියුණු ජයක්

ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති මූලික අදියරේ තරගයකදී ලකුණු අටක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමත්වුණා.

චෙන්නායි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා. නායක මහේන්ද්‍රසිං දෝනි වේගවත් ලකුණු 75 ඉනිමට එක්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට රිසිසේ ලකුණු ලබා ගැනීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී ඔවුන්ට ලබා ගත හැකිවුණේ ලකුණු 167ක් පමණයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 08:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්