ජපානය නව අධිරාජ්‍ය යුගයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය රිවා ලෙසයි නම්කර තිබෙන්නේ.
මැයි පළවනදා සිට එම යුගය අරම්භ වන බවයි එරට ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ප්‍රකාශ කළේ. අකිහිතෝ අධිරාජ්‍යයා ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත්කළා. ඒ සමඟ දශක දෙකකට ආසන්න කාලයක් පැවති හෙයිසෙයි යුගය නිමාවට පත්වනවා.
නව අධිරාජ යුගය ප්‍රකාශයට පත්කිරිම පිළිබඳ අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ ද ජාතිය අමතමින් පැහැදිලි කිරිමක් සිදුකර ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.