fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මී මැස්සන් වඳ වීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 12:32

මී මැස්සන් වඳ වීමේ අවදානමක්

වයඹ පළාත තුළ පැතිර යන “ඩැක් බෘයි” නම් වෛරස් රෝගයක් හේතුවෙන් මී මැස්සන් වඳ වීමේ තර්ජනයක් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

මී මැස්සන්ගේ සමතුළිතතාවය බිදී යාම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වී ඇත.මෙරට සුපුෂ්පිත ශාක ගහනය අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුවක් බව නාත්තන්ඩියේ පදිංචි පරිසරවේදියෙකු වන වසන්ත අබේකෝන් මහතා සදහන් කරයි.

අතීතයේදී වනාන්තර වල ගස් බෙන තුළ මී මැසි ජනපද දක්නට ලැබුණි.නමුත් පසු කාලයක ගෙවතු වල කෘතිමව සාදන ලද පෙට්ටි වල මී මැසි ජනපද ඇති කිරීමට ගොවීන් කටයුතු කළේය.ගෙවතු වල ඇති මී මැසි ජනපද වල මෙම තත්ත්වය බහුවලම දක්නට ඇති බවද පරිසරවේදීන් සදහන් කරයි.

වෛරස් රෝගය පැතිරුණු විට මී වදය තුළ ජීවත් වන පිළවුන් (පැටවුන්) මිය යන බවත්,එම සතුන් ආහාරයට ගැනීම පිරිමි සතුන් විසින් සිදු කිරීම නිසා ගැහැණු සතුන් මී වදය අතහැර යන බවද ඔවුන් කියා සිටී.

මෙම තත්ත්වය නිසා පිරිසිදු මී පැණි සොයා ගැනීම ඉදිරියේදී ගැටළුවක් වීමටට ඉඩ ඇති බවද ඔවුන් කියා සිටී.

පැතිර යන වෛරස් රෝගයට නිසි ප්‍රතිකාරයක් හෝ පිළියමක් මේ වන තුරු සොයා ගෙන නොමැති බවත්,මෙම තත්ත්වය තව දුරටත් පැවතුනහොත් වයඹ පළාත තුළින්ම මී මැසි ජනපද තුරන් වීමට ඉඩ ඇති බවද ඔවුන් කියා සිටී.

(ජුඩ් සමන්ත)

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්