රාජගිරිය සහ කොළඹ අතර හෙට සිට නව රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්රකාශ කළා.
රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා මෙම සැලැස්ම හදුන්වාදීමට නියමිතයි. ප්රදේශය ආශ්රිතව පවතින රථ වාහන තදබදය අවම කිරිම මෙහි අරමුණවී තිබෙනවා.
ජනතාවට ප්රමාදයකින් තොරව සිය ගමනාගමන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම සඳහා නව වැඩපිළිවෙල ක්රියාත්මක බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා ප්රකාශ කළේ. රථ වාහන තදබදය අවම කිිරිම සඳහා ඉදිරියේ දී තවත් මාර්ග දෙකක් ඉදිකරන බවද සභාපතිවරයා සඳහන් කළා.