කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය සහ මහනාම විද්‍යාලය කණ්ඩායම සමග පැවති දහතුන්වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණා.
කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩි එස් සේනානායක විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම සදහා කඩලු 09ක් දැවි ලකුණු 244ක් රැස්කළා. එහිදි ශනෙල් බාස්කරන් ලකුණු 66ක් සහ සදරු වික්‍රමරත්න ලකුණු 56ක් සිය ඉනිමට එක් කළා. . පිලිතුරු ඉනිම ආරම්භ කළ මහානාම විද්‍යාලයීය කණ්ඩායමට පළමු ඉනිම සදහා ලබා ගත හැකි වුයේ කඩුලු 09ක් දැවි ලකුණු 196ක් පමණයි. පවන්ත වීරසිංහ ලකුණු 46යි. දෙවන ඉනිම ආරම්භ කළ ඩීඑස් සෙනානායක විද්‍යාලයීය කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 90ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.