fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 08ක ජයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 13:17

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 08ක ජයක්

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම කණ්ඩායම සමත් වුණා. මෙහිදි මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මට දඩමුදලක්ද පැනවීමට කටයුතු කළා.

මොහාලිහීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුනු 176 රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩීකොක් ලකුණු 60ක් ලබා ගත්තා. ජයග්‍රහණය සදහා ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු හතරක් අවසානයේදී  කඩුලු 02ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. මෙම තරගයේදී පන්දුවාර යවා නිම කිරිම සදහා වැඩි කාලවේලාවක් ලබා ගැනිම හේතුවෙන්  මුම්බායි ඉන්දියන්ස කන්ඩායමේ නායක රෝහිත් ෂර්මාට දඩ මුදලක් පනවා තිබෙනවා.  ඒ අනුව ඉන්දිය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පනවා ඇති බවයි අයිපිඑල් සංවිධායකයින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 13:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්