අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන ගෞරව නාමය අද පිරිනැමුණා. මල්වතු මහා විහාරයීය මහනායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභාවයි අමාත්‍යවරයා වෙත මෙම ගෞරව නාමය පිළිගැන්වූයේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ අග්‍රගන්‍ය සේවාව අගයමින් ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන ගෞරව නාමය පිළිගැන්වීමේ උත්සවය මහනුවර මල්වතු උපෝසථාගාරයේදී පැවැත්වුණා. ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගැන්වූයේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේයි. මල්වතු , අස්ගිරි අනුනායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි යන ස්වාමීන්වහන්සේ මෙහිදී අනුශාසනා සිදු කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=PidrtkpGv4U&feature=youtu.be&fbclid=IwAR3VuMun3d_LK4vFw9Fhmxa5l4rl3It2xOpEieDbIQjSGZgdGc3EHL4Taic”]
මහා සංඝරත්නය ද මැතිඇමතිවරුන් ද හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුලු පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියා.