fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපත් සමාජයක් ගොඩනැගීමේදී මහාසංඝරත්නය පෙරමුණ ගත යුතුයි

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 11:13

යහපත් සමාජයක් ගොඩනැගීමේදී මහාසංඝරත්නය පෙරමුණ ගත යුතුයි

යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී පෙරමුණ ගත යුත්තේ මහා සංඝරත්නය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද ස්වාමීන්වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පල කළා.

මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්ද ගෞරව නාමය සහිතවයි පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද ස්වාමීන්වහන්සේ වෙත බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ධුරය පිරි නැමීමට කටයුතු කළේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් උන්වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම සිදු කෙරුණා. ස්වාමීන්වහන්සේ වැඩ වාසය කරන කුරුකුදේගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්.

ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්වහන්සේ, උඩරට අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය නුවරඑලියේ චන්ද්‍රජෝති ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නයද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්