රුපියල් මිලියන දෙදහසක වියදමින් ඉදිකළ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකර ඇති මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන මෙම ස්ථානයේ නතර කර එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිත කරමින් ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට මඟීන්ට අවස්ථාව සැලසෙනවා.
බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකක් මෙන්ම රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද මෙහි පවතින බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දුම්රිය සහ බස් රථයේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකි පහසුකම්, ආපන ශාලා හා බිල්පත් ගෙවීමේ පහසුකම් ද ඊට ඇතුලත්. පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර, කඩවත, කටුනායක සහ දහඅටේ කණුව ප්‍රදේශවල ද මෙවැනි මධ්‍යස්ථාන ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා.