fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථ දෙකක් ගැටෙයි – 12කට තුවාල

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 08:49

බස් රථ දෙකක් ගැටෙයි – 12කට තුවාල

හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය මංසන්ධියේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබුවා.

වව්නියාව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ගයේ නවතා තිබූ ලංගම බස් රථයේ ගැටී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

පෞද්ගලික බස් රථ රියදරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාක්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්