මහාචාර්ය පුජ්‍ය වල්පොළ රාහුල ස්වාමීන්වහන්සේ විසින් රචිත සත්යෝදය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී.
මීට වසර අසු පහකට පෙර රචනා වී ඇති මෙම කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ නෙරංජන් සෙල්වදොරේ මහතායි. වල්පොළ රාහුල පදනම් භාරය සහ වල්පොල රාහුල ආයතනය මීට දායකත්වය ලබා දුන්නා. බුදු දහම පිළිබද මිත්‍යා අදහස් පසුපස හඹායන සමාජයට මෙම කෘතිය හොද පුර්වාදර්ශයක් බවයි මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ සදහන් කළේ.