fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයට ගංවතුර තත්ත්වයක්; 17දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 16:16

ඇෆ්ගනිස්ථානයට ගංවතුර තත්ත්වයක්; 17දෙනෙක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයට බලපෑ අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති  පුද්ගලයින් ගණන 17ක්.

ගංවතුර හේතුවෙන් නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර මාර්ග ද ජලයෙන් යටවී ඇති බව සදහන්.

ඇෆ්ගනිස්ථානයේ පෞරාණික සිද්ධස්ථාන කිහිපයක්ද ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

පවුල් දහසකට අධික සංඛ්‍යාවක්  අවතැන්ව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්