fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය තාන්ත්‍රික තනතුරු 14කට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 15:18

රාජ්‍ය තාන්ත්‍රික තනතුරු 14කට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

විදේශ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරින් 14 දෙනෙකුට උසස් නිලතල පිලිබද පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

විදේශයන්හි පිහිටි ශ‍්‍රී ලංකා දුත මණ්ඩලවල ප‍්‍රධානීන් ලෙස පත්කිරිම සදහායි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම නිලධාරින් නම්කළේ. ඔවුන් ශ‍්‍රී ලංකා විදේශ සේවයේ පලමු ශ්‍රේණියට ඇතුලත්.

ඒ අනුව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් සදහා වූ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කේ ඩී සෙනෙවිරත්න මහත්මියට අනුමැතිය හිමිවුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස රොඩ්නි එම් පෙරේරා මහතා පත්කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව විදේශයන්හි පවත්වාගෙන යන තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල ගණන 52 ක්. මෙම නව පත්වීම් 14 ත් සමග විදේශයන්හි පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩලවල ප‍්‍රධානී තනතුරු දරණ වෘත්තිය රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරින්ගේ ප‍්‍රතිශතය සියයට 46 දක්වා වැඩිවන බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්