අද (30) දින ආරම්භ වීමට නියමිතව තිබු රාජ්ය සේවා කැරම් තරගාවලිය කල් දැමීමට ශ්රී ලංකා කැරම් සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මැයි මස 06,07 සහ 08 යන දිනයන්හිදි එය පැවැත්වීමටයි තීරණ කර තිබෙන්නේ. විදුලි කප්පාදුව හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්රී ලංකා රාජ්ය සේවා කැරම් සංගමයේ සභාපති පරාක්රම බස්නායක මහතා අයිටිඑන් ප්රවෘත්ති අංශය වෙත කියා සිටියා.
ක්රිඩක ක්රිඩිකාවන් තුන්සිය දෙනෙකු පමණ මෙම කැරම් තරගාවලිය තරගවැදිමට නියමිතයි.