ඔස්ටේ්රලියාව සහ පාකිස්ථානය අතර පැවැති හතර වන එක්දින තරඟය ලකුණු 6 කින් ජයගැනීමට ඔස්ටේ්රලියා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණ කළේ.
ඒ අනුව පන්දුවට පහරදුන් ඔස්ටේ්රලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 277 ක්. අඟනා ඉනිමක් කී‍්‍රඩා කළ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 98 ක් ලබාගැනීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 271 ක් පමණයි. අබිද් අලී ලකුණු 112 ක් වාර්තා කළ අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 104 ක් ලබාගැනීමට සමත්වුණා.