පසුගිය යුධ සමයේ දී සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගිය පවුල් රැසක් යළි මෙරටට පැමිණියා.
කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, යාපනය හා මන්නාරම යන ප්රදේශවල පවුල් රැසක් පසුගිය යුද සමයේ දී සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගොස් තිබුණා.
ඔවුන්ගෙන් පවුල් 16 ක් සහ පුද්ගලයින් තුන් දෙනෙකු මෙසේ කටුණායක ගුවන් තොටුපලෙන් යළි දිවයිනට පැමිණියා. මොවුන් යළි මෙරටට පැමිණ තිබෙන්නේ වසර 30 කට පසුවයි.