fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදියට ආයුධ අපනයන කිරිමේ තහනම දිර්ඝ කිරිමට ජර්මනියෙන් තීරණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 13:06

සවුදියට ආයුධ අපනයන කිරිමේ තහනම දිර්ඝ කිරිමට ජර්මනියෙන් තීරණයක්

සවුදි අරාබියට අවි ආයුධ අපනයනය කිිරිමේ තහනම තවත් මාස හයකින් දීර්ඝ කරන බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කළා.

සවුදි මාධ්‍යවේදි ජමාල් කෂෝජි ඝාතනයෙන් පසුවයි ආයුධ අපනයනයට සීමා පැනවීමට තීරණය කළේ. ඒ අනුව මාර්තු 31 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම කි‍්‍රයාත්මක බව ජර්මන් රජයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිවේදනය කරනවා.

තහනම ඉවත් කරන ලෙස ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ජර්මනියෙන් ඉල්ලිම් කළා. එභෙත් ආයුධ අපනයන තහනම තවදුරටත් කි‍්‍රයාත්මක විය යුතු බවයි මානව හිමිකම් සංවිධාන වල මතය වී තිබෙන්නෙ. ඒ අනුව තහනම දීර්ඝ කරන බව ඇන්ජලා මර්කල් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්