fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙරාමහුල්ලේ සමීර ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන පුළුල් විමර්ශන

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 11:02

බෙරාමහුල්ලේ සමීර ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන පුළුල් විමර්ශන

අත්අඩංගුවට ගත් බෙරාමහුල්ලේ සමීර නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් පිලිබදව පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඔවුන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය භාරයේ සිිටින බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

බෙරාමහුල්ලේ සමීර නැමැත්තා මනුෂ්‍ය ඝාතන ඇතුළු සිද්ධි කිහිපයකට අවශ්‍යව සිටි සැකකරුවෙක්. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී ඔහු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගමන් ගත් වෑන් රථයේ තිබී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රැම් සියයකට වැඩි ප‍්‍රමාණයක් ද සොයා ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්