fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හඳවත් යා කරන රන් මාවත් වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 11:14

හඳවත් යා කරන රන් මාවත් වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා

මාර්ග සංවර්ධනය ප්‍රමුඛ කොට ගත් හඳවත් යා කරන රන් මාවත් වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මහාමර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය

”මාර්ග සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. භෞතික යටිතල සංවර්ධනය, සමජ යටිතල සංවර්ධනයට බද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. හඳවත් යා කරන රන් මාවත් දීප ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා.

ග්‍රාමීය මාර්ග දියුණු කරනන් කටයුතු කරනවා 175ක් බිලියන අයවැයෙන් අනුමත වෙනවා. තව බිලියන 10ක් රන් මාවත් වැඩසටහනට අනුමත කර තිබෙනවා. 2019 වසරේ සිට හදවත් යා කරන රන් මාවත් වැඩසටහනට රුපියල් මිලියන 80ක් සියලු මැතිවරණ කොට්ටාශ වෙත මුදල් ලබදෙන්න කටයුතු කරනවා. ආගමික සිද්ධස්ථානවලට ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, වතු මාර්ග සංවර්ධනයට, උතුරු නැඟෙනහිර මාර්ග සංවර්ධනයට බලාපොරොත්තු වෙනවා. මධ්‍යම අදිවේගී මාර්ගයේ තුන්වන කොටස ගිවිසුම් අත්සන් කර වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.තව කිලෝ මීටර් 92ක් අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළත් වෙනවා.

මේ අනුව කිලෝ මීටර 237ක වැඩ අවසන් කිරීමට හැකිවෙනවා .කෝකිලයි පාලම ඉදිකිරීම ආරම්භ කරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්