රජයක් ලෙස සංඝයා වහන්සේට විදේශ භාෂා දැනුම ලබා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පැවති උත්සවයක් අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අභිනවයෙන් ඉදි කෙරෙන ගොඩනැගිලි සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ (28) පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අභිනව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ජනාධිපතිතුමා අතින් සමරුඵලකය නිරාවරණය කෙරුණා. ගොඩනැගිලි සංකීර්ණයේ සැලැස්මද නිරීක්ෂණයට ලක්වුණා. පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය විසින් සම්පාදිත සාහිත්‍ය කෘති තුනක් ජනාධිපතිතුමා ඇතුළු ආරාධිතයන් වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6fBBViONGBo”]
කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ ද අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද ඇතුළු විද්වතුන් රැසක් උත්සවයට එක්ව සිටියා.