මත්රකුසා පළවා හැරීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනපති පවසයි
Related Articles
මත්ද්‍රව්‍ය අභියෝගය පිටුදැකීමට පුළුල් ආකල්පමය වෙනසකට කාලය එළඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බක්මහ දිවුරුම පිළිබද රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු ක්ෂේත්‍ර දැනුවත් කිරීම සදහා කොළඹ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
ජාතික. පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරන සියලු රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් හා සියලු කාර්ය මණ්ඩලයන්ගේ සක්‍රීය දායකත්වයෙන් දිවයින පුරා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම අප්‍රේල් මස තුන්වනදා දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනවා. ඒ පිළිබදව රාජ්‍ය නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර දැනුවත් කිරීම වෙනුවෙන් අද(28) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී.
ඊට සියලු අමාත්‍යාංශ ලේකම්වරු, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බක්මහ දිවුරුම සමාරම්භය වෙනුවෙන් කෙටි උත්සවයක් ජනාධිපති මෛතීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි සමාරම්භක අවස්ථාව සජීවීව විකාශය කෙරෙන අතර සියලු කාර්ය මණ්ඩල ඒ හා සමගාමීව තම ආයතනවල සිට බක්මහ දිවුරුමට එක්වනවා. දිවයින පුරා පාසල් දරුවන්ද මෙම බක්මහ දිවුරුම සමග එක්වීමට නියමිතයි. රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම අද ඉතාමත් අවාසනාවන්ත ලෙස සමාජය විනාශ කරමින් තිබෙන බවයි.
මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සමුළුව පැවැත්වුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් පොකුණ රගහලේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් සිදුවිය යුතු බවයි.