තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වාදෙන යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගය සදහා තරගකරුවන් අට දෙනෙකු සුදුසුකම් ලබා ගත්තා. අවසන් මහා තරගය අප්‍රේල් හයවනදා පැවැත්වෙනවා.
ජාතික තරුණ සේවා සභාව සහ අයිටීඑන් එක්වයි යූත් විත් ටැලන්ට් රියැලිටිය ඔබට තිලිණ කරන්නේ. වසර 3 ක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විස්මවන්තයින් බවට පත් කරන්නට යූත් විත් ටැලන්ට් රියැලිටියට හැකිවුණා. තර්ඩ් ජෙනරේෂන් සදහා තරගකරුවන් හැත්තෑ දහසකට අධික පිරිසක් එක්ව සිටියා. ඒ තුළින් අවසන් මහා තරගයට තරගකරුවන් අටදෙනෙකු සුදුසුකම් ලබාගෙන සිටිනවා.
පසුගිය සතියේ පැවති වයිල්කාඩ් වටයෙන් තරිදු රුමයන්ත සහ ඉරෝමි ජයසිංහ අවසන් මහා තරගයට තේරී පත් වුණා. තරිදු රුමයන්ත,සම්පත් සුභසිංහ, සහිබුල් යමීන්, කුෂාන් භාෂිත, ඉරෝමි ජයසිංහ,රුවන් චාමර, හැනිබර් ද මැජික් වොරිය හා මොහොමඩ් රියාද් එම වාසනාවන්තයින් අට දෙනායි. යූත් විත් ටැලන්ට් ග්රෑන්ඩ්පිනාලේ අප්‍රේල් හයවනදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. රුපියල් කෝටියකට අධික ත්‍යාග ජයග්රාහකයාට පිරිනමන්නට කටයුතු සූදානම් කර තිබෙනවා.