දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වැඩ අරඹයි
Related Articles
දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පලමු නඩුව අද (28) ගොනුකර තිබෙනවා. ඒ කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව.
කුලියාපිටිය ප්‍රදේශයේ රසායනාගාර හිමිකරුවෙකුගෙන් මසකට රුපියල් විසිපන්දහස බැගින් අල්ලස් මුදලක් ඉල්ලා සිටීමයි ඊට හේතුව. ඔහුගෙන් රුපියල් හැත්තෑපන් දහසක මුදලක් ලබාගත් බවට ද වෛද්‍යවරයාට චෝදනා එල්ලවී තිබෙනවා.
රසායනාගාරයෙන් නිකුත් කරන වෛද්‍ය වාර්තා පිළිගැනීමට නම් තමන්ට මුදල් ලබාදෙන ලෙසට වෛද්‍යවරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව අධිචෝදනා 6 ක් යටතේ නඩුව ගොනුකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.