ඇත්දළ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළා.
ඒ ඕමන්ත ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී. ඇත් දළ දෙකක් විකිණීමට පුද්ගලයෙකු සුදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ. සැකකරුගේ බෑගයක තිබී ඇත්දළ දෙකක් හමුවුණා.
ඒවා රුපියල් ලක්ෂ 4 කට අලෙවි කිරිමට සැලසුම් කර තිබු බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ඔහුව වව්නියාව වනජිවි නිලධාරින්ට භාරදී තිබෙනවා.