fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ පරිභෝගික අධිකාරිය වැටලීම් දැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 11:21

උත්සව සමයේ පරිභෝගික අධිකාරිය වැටලීම් දැඩි කෙරේ

අළුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි. ආහාර ද්‍රව්‍ය පරීක්ෂාව මෙන්ම ප්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාව සැලසීම ඒ අතර වනවා.

බදුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 54 ක ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම ඊයේ සිදු කෙරුණා. එහිදී සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙදසැල් 13 කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසනවා. කල් ඉකුත් වූ හා ලේබල් නොමැති ඇසුරුම් රහිත ආහාර ද්‍රව්‍යයද ඒ අතර වනවා. සෞඛ්‍යාරක්ෂිත ලෙස පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අගය කිරීමද විශේෂත්වයක්.

මේ අතර වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද වැටලීමක් සිදු කළා. උත්සව සමයේ පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදසැල් ඔවුන්ගේ පරීක්ෂාවට ලක් වුනා. ඒ වැලිමඩ නගරයේදී. එහිදී වෙළෙදසැල් හිමියන් හත් දෙනෙකුට නඩු පැවරීමට පියවර ගත්තා. තවත් වෙළෙදසැල් හිමියන් කිහිප දෙනෙකුට අවවාද කිරීමටයි කටයුතු කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්