මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිවිම ඕනෑම රටක සංවර්ධනය අඩාලවීම කෙරෙහි සෘජුවම බලපාන සාධකයක්. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික වටපිටාව දරුණු පසුබෑමකට ලක්වන අතර, ශ්‍රී ලංකාව ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයට ලක්ව ඇති රටක් බව මෑත කාලීනව සිදු කරන ලද මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලිම් වලින් හසුවන මත්ද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලිමේදී තහවුරු වනවා. මෙම ව්‍යසනයෙන් රටේ ජිවනාලිය බඳු තරුණ පරපුර සහ පාසල් දුවා දරුවන් බේරා ගැනීම සඳහා ආරම්භ කල කාලීන හා අත්‍යවශ්‍ය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘මතින් නිදහස් රටක්’ නැමැති උදාර සංකල්පය හඳුන්වාදිය හැකියි. මෙම අරමුණ ශාක්ෂාත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශාල වැටලිම් ප්‍රමාණයක් සිදු කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුල්විම වැලක්විම සඳහා සුවිශේෂි දායකත්වයක් සපයන අතර, මනා දැක්මකින් යුතුව ඒ සඳහා විශේෂ වැඩසටහන් රැසක් නාවික හමුදාව මේවන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මෙවැනි වැටලිම්වලට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම අරමුණු කර ගනිමින් දිපව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, ඊට සමගාමිව කොළඹ, ත්‍රිකුණාමලය, ගම්පහ, යාපනය සහ මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 09 ක් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩමුළු රාශියක් සාර්ථකව නිම කිරීමට සමත්ව සිටිනවා.
ඒ සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ විෂයය සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලත් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින්, මනෝ විද්‍යා උපදේශන නිලධාරින් සහ නාවිකයින්ගෙන්
සැදුම්ලත් කණ්ඩායමක් මෙම පුහුණු වැඩමුළු පවත්වනු ලබනවා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයන් වන ‘ගම හදා ගමු’ සහ ‘කලන මිතුරු සමාජ’ යන තේමාවන් ඔස්සේ ද නාවික හමුදා සංකල්පයක් වන ‘පාසලට නැංගුරමක්’ යන තේමාව ඔස්සේ ද මෙම දේශන පවත්වනු ලබන අතර, මෙමඟින් සම්ප්‍රදායික දේශන ක්රමයන්ට පමනක් සිමා නොවි දිර්ඝ කාලිනව ක්‍රියාත්මක වන ප්‍රායෝගික වැඩපිලිවෙලවල් රැසක් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.
ඒ අනුව, ‘ගම හදා ගමු’ යන තේමාව යටතේ ගම තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය විකිණීම හා නිෂ්පාදනය අවම කිරීම සඳහා තිරසර ක්‍රමවේදයක් සැකසීම සහ ගම්වාසින්ගේ
සාමුහිකත්වයෙන් මෙම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කිරීම, එවැනි කර්මාන්තවල නියැලී සිටින පුද්ගලයන් වෙනත් රැකියා සඳහා යොමු කිරීම හා අධීක්ෂණය කිරීම, ග්රාමීයව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා සහය ලබාදීම, ග්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකිරීම, ගමේ තරුණ පිරිස හා පාසල් දරුවන් මූලික කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. තවද, දිවයින පුරා පිහිටි දහම් පාසැල් ආවරණය කර ගනිමින් ‘කලන මිතුරු සමාජ’ යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු පැවැත්විමට කටයුතු යොදා ඇති ඇති අතර, ඒ තුලින් දහම් පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.
එමෙන්ම පාසල් සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාවලියෙහි සකී‍්‍රය කොටස්කරුවන් බවට පත් කරන ‘පාසලට නැංගුරමක්’ යන නාවික හමුදා තේමාව යටතේ
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය පසුබිම සම්බන්ධයෙන් පාසැල් දරු දැරියන් දැනුවත් කිරීම සිදු කරන අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන්
විවිධ අධ්‍යයන ක්‍රම ඔස්සේ සිසු දරු දැරියන් දැනුවත් කිරීම එහිදි සිදු කරනු ලබයි. මෙම දිගු කාලින මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මඟින් දැයේ අනාගත පරපුර
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට හැකිවේතැයි අපේක්ෂා කෙරෙනවා.
තවද, අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්පුර්ණ වගකිම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, ඒ අනුව පසුගිය මාර්තු 18 වන දින සිට 22 වන දින දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි ග්‍රාමිය මට්ටමේ වැඩසටහන් 200 ක් මඟින් 12000 කට ආසන්න ප්‍රජාවක් දැනුවත් කරමින් සහ දහම් පාසල් 75 ක් ආවරණය කරමින් 3800 කට ආසන්න දරුවන් පිරිසකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු පැවැත්විමට කටයුතු කරන ලදි. එහිදි ප්‍රායෝගික හා න්‍යායත්මක කරුණු ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීමට නාවික හමුදාව කටයුතු කළා. තවද, වෙන්නප්පුව හා හලාවත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්හි තරුණ නායකයින් සමඟ එක්ව මත්ද්‍රව්‍ය වලට එරෙහිව තරුණ ප්‍රජාව බල ගැන්විමේ ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නියැලුන ප්‍රජාව නීතිමය කටයුතු වලින් අනතුරුව පුනුරුත්ථාපනය කර වෙනත් සුදුසු ස්වයං රැකියා මාර්ග සඳහා යොමු කිරීමේ තාක්ෂණික සහ මුල්‍ය ආධාර ලබා දිම වෙනුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සම්පත් දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.