බැසිල්ට එරෙහි දිවිනැඟුම නඩුව අගෝස්තු මාසයට කල් යයි
Related Articles
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අගොස්තු මස 7 දාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මෙම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් ම්ලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
අද මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම ඉදිරියේ දි කැදවීමට නියමිත බව විත්ති පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.