fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාපෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:12

සාපෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වෙයි

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට හයලක්‍ෂ පනස්හය දහස් හයසිය හතළිස් එක් දෙනෙකු අයැදුම් කර තිබුණා. මේ අතරට පාසල් අයැදුම්කරුවන් හාරලක්‍ෂ විසිදෙදහස් අටසිය පනස් දෙනෙකු හා පෞද්ගලික අපේක්‍ෂකයන් දෙලක්‍ෂ තිස්තුන්දහස් හත්සිය අනූ එක් දෙනෙකු ඇතුළත්. දිවයින පුරා මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැට එකකදී විභාගය පැවැත්වුණා.

ජාතික විභාගවල ප්‍රතිඵල සැලසුම් කළ පරිදි එම දිනවලදීම නිකුත් කරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්