ශ්‍රී ලාංකික මාධ්‍යවේදින්ගේ ‘වෘත්තීයභාවය ඉහළ නැංවිමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන”මාධ්‍ය අරුණ”ණය යෝජනා ක්‍රමය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබේ.
පරිගණක කැමරා,ෆැක්ස් යන්ත්‍ර, ඩිජිටල් පටිගත කිරිමේ යන්ත්‍ර හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්දේශ කරනු ලබන මාධ්‍ය උපකරණ මිලදි ගැනිමට හෝ වැඩි දියුණු කර ගැනිමට මෙම මුදල් ලබා දෙයි.
වසර 3ක සේවා කාලයක් ඇති වයස අවුරුදු 60ට නොඅඩු දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පුර්ණ කාලින හෝ අර්ධ කාලින පදනම මත සේවයේ නියැළි සිටින මාධ්‍යවේදින්,නිදහස් මාධ්‍ය වේදින්,ප්‍රාදේශීය මාධ්‍යවේදින් සහ වෙබ් මාධ්‍යවේදිනට මෙයට අයදුම් කළ හැක.
මේ යටතේ දෘශ්‍ය උපකරණ මිල දි ගැනිම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් පොළී රහිත ණය මුදලක් ලෙස ලබා දෙන අතර මාධ්‍යවේදින් සතු මාධ්‍ය උපකරණ වැඩි දියුණු කර ගැනීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් පවතින පොලිය අනුපාතිකයෙන් 50%ක පොලී සහන යටතේ ලබා දිමට කටයුතු යොදා තිබෙනවා.
අයැදුම්පත් අප්‍රෙල් මස 30 දිනට පෙර අධ්යක්ෂ(මාධ්‍ය), ජ්නමාධ්ය අමාත්‍යාංශය,”ඇසිදිසි මැඳුර” අංක 163, කිරුළපන පාර,පොල්හේන්ගොඩ,කොළඔ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමු කරැන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි. වැඩි විස්තර සඳහා www.media.gov.lk යන වෙඩ් අඩවියෙන් හෝ දූරකතන අංක 0112513645 හෝ 011 2513459 අමතා සඳුනි හෝ චන්දන යන අයගෙන් ලබාගත හැකිය.