ඩුබායිහි දී අත්අඩංගුවට පත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් යන අයද එරටින් පිටුවහල් කළා. අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඔහු රහස් පොලිස් භාරයට ගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා. මොහු කටුනායකින් මාලදිවයිනට පළා යාමට උත්සාහ කර ඇති බවද වාර්තා වනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ කංජිපානි ඉම්රාන් ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ පසුගිය පෙබරවාරි මස 05 වනදායි. ඩුබායිහිදී සිදු කළ ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව ඔහු ඇතුළු තවත් 03 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. ඒ අනුව ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. මාලදිවයින වෙත යාමට ගුවන්තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි අවස්ථාවේ රහස් පොලිසීය කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. මොහු සමඟ ඩුබායි සිට පිටුවහල් කළ තවත් 03 දෙනෙකු කටුනායකදී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර
[ot-video type=”youtube” url=”https://youtu.be/xvxLv7H52u0″]
මේ අතර මාකදුරේ මධුෂ්, ගායක අමල් පෙරේරා ඇතුළු සෙසු සැකකරුවන් පිරිස ඩුබායි අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් සම්බන්ධ පරීක්ෂණ වාර්තා කිහිපයක්ම අද දින එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම වාර්තා තවදුරටත් සදහන් කරන්නේ. ඩුබායිහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා ද එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පැමිණියා. රහස් පොලිසිය ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නදීමාල් නිදහස් කෙරුණද බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණා.