fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් දිරි ගැන්වීමට සියල්ල කරනවා

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 17:44

කාන්තාවන් දිරි ගැන්වීමට සියල්ල කරනවා

කාන්තාවන් දිරි ගැන්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් කළ හැකි සියල්ල සිදු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවයකදී කතානායකවරයා මේ බව කියාසිටියා.

විශිෂ්ට කාන්තා චරිත ඇගයීමේ වැඩසටහන කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදෙස් මත මෙය සංවිධාන කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව හා පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයයි.  කාන්තාවන්ගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනය ද කතානායකවරයා අතින් විවෘත කෙරුණා. කාන්තාවන් මෙතෙක් ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ඒ පිළිබඳ කථිකාවක් ගොඩනැගීම මෙහි අරමුණයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්