ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් සිදු කරන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට ක්‍රියා කිරීමට තමා සූදානම් නැති බවයි කලුතර මීගහතැන්න ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.
කලුතර මීගහතැන්න පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සමරු ඵලකය නිරාවරණය කර එය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා කියාසිටියේ රටට එල්ල වූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අද වන විට ද වෙනස් මුහුණුවරකින් එල්ල වෙමින් පවතින බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=59F8ZuBh6AY”]