fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට පැවැත්වෙන වැඩිම දුරක් සහිත පිහිනුම් තරගය

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 11:59

මෙරට පැවැත්වෙන වැඩිම දුරක් සහිත පිහිනුම් තරගය

වැල්ලවත්ත කිංරෝස් ජීවිතාරක්ෂක පිහිනුම් සමාජය 54 වන වරට සංවිධාන කළ විවෘත පිහිනුම් තරගය වැල්ලවත්ත මුහුදු තීරයේදී පැවැත්වුණා.

කිලෝමිටර් 10ක දුරකින් සමන්විතවයි පිහිනුම් තරගය පැවැත්වුණේ. එය මෙරට පැවැත්වෙන වැඩිම දුරක් සහිත පිහිනුම් තරගය ලෙසයි සැලකෙන්නේ. මෙවර තරගයට  ක්‍රිඩකයින් 70 දෙනෙකු සහ ක්‍රිඩිකාවන් 12 දෙනෙකු එක්ව සිටියා. තරගය නිම කිරිම සදහා  පැය හතර හමාරක කාලයක්  ලබා දී තිබුණා.  අම්බලංගොඩ සිංහ පිහිණුම් සමාජයේ ඒ සංකල්ප ක්‍රිඩකයා පිරිමි අංශයේ පළමු ස්ථානය දිනා ගත්තා. දෙවන ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ වී කුමාර ක්‍රිඩකයායි.  තුන්වන ස්ථානය එම කණ්ඩායමේම එම් වී එල් අබේරත්නට හිමි වුණා. කාන්තා අංශයේ පළමු ස්ථානය දිනා ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ටී පරාක්‍රමසිංහයි / දෙවන හා තුන්වන ස්ථාන පිලිවෙලින්  අම්බලංගොඩ සිංහ සමාජයේ හිරුණි වංශිකා හා යුද හමුදාවේ  පි කේ ජයතිලක ක්‍රිඩිකාවන් දිනා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 11:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්