fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරුණි බබා සහ තෙල් චුටි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 11:27

අරුණි බබා සහ තෙල් චුටි අත්අඩංගුවට

බන්ධනාගාරගතව සිටින කුඩු රොෂාන්ගේ බිරිද වන අරුණි බබා නැමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදි ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. මෙම කාන්තාව ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට තහවුරු කරගෙන තිබෙනවා. ඇය ලග තිබී මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද සොයාගත්තා.

ඇයගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී තෙල් චුටි නැමැති සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඔහුට ද මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්