fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙද වර්ජනය දෙවන දිනටත් – රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 11:15

හෙද වර්ජනය දෙවන දිනටත් – රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාක්මක වුවද රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා.

සැමට හෙද උපාධිය ලබා දිය යුතු බව සහ හෙද සේවය දීප ව්‍යාප්ත හෙද සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමිනුයි හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙන්නේ. ඒ අනුව මෙම හෙද සංගමය නියෝජනය කරන හෙද හෙදියන්ගෙන් පිරිසක් ඊයේ දිනයේ මෙන්ම අද දිනයේ ද ලෙඩ නිවාඩු දමා තිබෙනවා. කෙසේ වුවද ඔවුන්ගේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ප්‍රතිකාර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්