ඉරානයේ දකුණු දිග හා බටහිර ඇතැම් ප්‍රදේශවලට බලපෑ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගංවතුර සමග ඇති වූ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙසිය දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පසුගිය දිනවල බලපෑ නිවර්තන වැසි හේතුවෙන් මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර විපතට පත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. එරට ජනාධිපති හසාන් රව්හානි පවසන්නේ විපතට පත් ජනතාව සදහා ආධාර ලබාදිමට රජය කටයුතු කරන බවයි.

ඉරානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට
කියවීමට මිනිත්තු 1