වෘත්තීය සමිති නායකයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අභාවප්‍රාප්ත සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (28) බොරැල්ල කනත්තේදී හෙට සිදු කිරීමට නියමිතයි.
1951 වසරේ උපත ලැබූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කොළඹ ලුම්බිනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඒ මහතා ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට එක් වුණා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග සෝමවීර චන්ද්‍රසිරි මහතා වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කරමින් 2002 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා.
එමෙන්ම ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හා ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. මිය යන විට 68 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙක්. නාවින්න රජමහ විහාර පාරේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු පහට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.