ශ්රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට ක්රිඩා කිරීම සදහා නිදහස් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මීට පෙර දැනුම්දී තිබුනේ සුපිරි පළාත් ක්රිකට් තරගාවලියට සියළුම ක්රිඩකයින් ක්රීඩා කිරීම අනිවාර්ය බවයි.
එළබෙන ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ක්රීඩාංගන 11 කදී ලබන මැයි 30 වැනිදා සිට පැවැත්වෙනවා. මෙවර තරගාවලියට තරග 48 ක් ඇතුලත්. ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් 04 ක් තරග වදින සුපිරි පළාත් ක්රිකට් තරගාවලිය ලබන 04 වැනිදා සිට පැවැත්වෙනවා. මේ අතර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ සැලසුම් සකස්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී විශේෂ සාකච්ජා ආරම්භ වී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/O2wgEmSq_x8″]