fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාක්ෂි නැතිව විත්තිකරුවන් නිදහස් කරන්නැයි ගාමිණී සෙනරත් කළ ඉල්ලීම ඉවතට

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 10:12

සාක්ෂි නැතිව විත්තිකරුවන් නිදහස් කරන්නැයි ගාමිණී සෙනරත් කළ ඉල්ලීම ඉවතට

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විත්ති පාර්ශ්වයේ සාක්ෂි කැදවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මන්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකර අධ්‍යක්ෂ ලෙසකටයුතු කළ පියදාස කුඩාබාලගේ හා ලසන්ත බණ්ඩාර යන තිදෙනාට එරෙහිවයි නඩුව ගොනු කර ඇත්තේ.

එම නඩුව විත්තියේ සාක්ෂි නොකැදවා විත්තිකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවද ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවිම හේතුවෙන් තුන්වන විත්තිකරු වන නීල් බණ්ඩාර හපුවින්න මහතා නඩුවෙන් නිදොස් කොට මුදා හැරුණා. විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම සදහා නඩුව මැයි 06 වනදා කැදවීමටයි අධිකරණය නියෝග කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්