නිව්යෝර්ක් ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සරම්ප රෝගී තත්ත්වය ව්‍යාප්තවීම හේතුවෙන්.
සරම්ප රෝගින් 153 දෙනෙකු මේ වනවිට හදුනාගෙන තිබෙනවා. එන්නත් ලබානොදුන් දරුවන් පොදු ස්ථානවලට රැගෙන ඒමෙන් වළකින ලෙසටයි නිව්යෝර්ක් බලධාරින් උපදෙස් දී තිබෙන්නේ. නීති කඩ කරන්නන්ට එරෙහිව දඩුවම් ලබාදෙන බවද බලධාරින් පවසනවා.
වොෂින්ටන්, කැලිෆෝනියා, ටෙක්සාස් සහ ඉලිනොයිස් ආශ්‍රිතව ද සරම්ප ව්‍යාප්ත වී ඇති බවයි බිබිසී ප්රවෘත්ති වාර්තා සඳහන් කළේ.