හෙරොයින් මත්කුඩු සමග සැකකරුවන් නව දෙනෙකු මහනුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 50 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
රන්දීර් නමැති දැනට බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ඥාතීන් බව පැවසෙන දෙදෙනෙකුද මෙම පිරිසට අයත් බව පොලීසිය පවසනවා. රන්දීර් නැමැත්තා ජංගම දුරකතන මගින් බන්ධනාගාරයේ සිටම මත්කුඩු ජාවාරම් මෙහෙයවා ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
සැකකරුවන් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.