fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 7කට පසු නදීමාල්ට නිදහස

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 09:14

පැය 7කට පසු නදීමාල්ට නිදහස

UPDATE : පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් කළ ප්‍රශ්න කිරීම් අවසන් කෙරුණා. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර යන අයගෙන් පැය 7කට අධික කාලයක් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.

නදීමාල් පෙරේරා CID භාරයට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් දිවයිනට පැමිණියා.

ඒ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි යානයෙන්.

ආගමන විගමන නිලධාරින් ඔවුන් දෙදෙනාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ. අද(27) උදෑසන ඔවුන් දිවයිනට පැමිණ තිබෙනවා.

ජනප්‍රිය ගායක අමල් පෙරේරා ගේ පුත් නදීමාල් පෙරේරා සමග කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර අයද මෙසේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ඔවුන් දෙදෙනාගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

 

 

තව කියවන්න
ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් දිවයිනට

අමල් සහ නදීමාල් ප්‍රසිද්ධ ගායකයින් බව ඩුබායි පොලීසියට තහවුරු කෙරේ

මධුෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වනදා ඩුබායි අධිකරණයට

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්